Friday, January 9, 2015

ඊ මේල් -E- Mail (ඉලෙක්ට්‍රොනික තැපෑල)

ඊ මේල් -E- Mail  (ඉලෙක්ට්‍රොනික තැපෑල)

ඉන්ටනෙට්වලට අයත් අතිශයින්ම වැදගත් කොටසක් වන්නේ වර්ල්ඞ් වයිඞ් වෙබ් ය. ප‍්‍රාග් ඓතිහාසික සිදුවීම්වල සිට මේ මොහොතේ සිදුවන දේ පිළිබ`ද තොරතුරු ද වර්ල්ඞ් වයිඞ් වෙබ් හරහා ලබාගත හැකිය.

ඉන්ටර්නෙට්වල අතිශයින්ම ජනප‍්‍රිය අංගය වර්ල්ඞ් වයිඞ් වෙබ් වුවත් එහි වැඩිපුරම භාවිතකරන කොටස වන්නේ විද්‍යුත් තැපෑලයි. එය ඉලෙක්ට්‍රොනික් මේල් හෙවත් ඊමේල් යන නමින් හැදින්වේ. Internet  මගින් ලබා ගත හැකි සරලතම සේවය මේ E- Mail ය. මෙය Internet තාක්ෂණය යටතේ ලැබුණු පැරණිතම සේවයක් ලෙස හැදින්විය හැක. අන්තර්ජාලය පිළිබ`ද සංකල්පය ජනප‍්‍රිය වීමට ප‍්‍රථම පවා E- Mail  භාවිතය පරිගණක ලෝකයේ දක්නට තිබුණි. අන්තර්ජාලය බිහි වීමත් සම`ගම  E- Mail  තාක්ෂණය, අන්තර්ජාලය මත ප‍්‍රධාන සේවාව බවට පත් විය. 

මේ සේවාව මගින් ක්ෂණිකව පනිවුඩ හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසේ. එබැවින් ඉන්ටර්නෙට් සම්බන්ධතා ලබාගන්නා හැම අයෙක්ම ඊ මේල් යනු කුමක් ද? එයට කළ හැකි හා කළ නොහැකි දේවල් මොනවා ද? එය ක‍්‍රියාත්මකවන්නේ කොහොම ද? එයට සම්බන්ධවීමට තිබිය යුතු සුදුසුකම් මොනවා ද? වැනි දේවල් දැනගත යුතුය. 
පාරම්පරික තැපැල සේවා පරිගණක ගත කිරීමක්  වන ඊමේල්, සාමාන්‍ය ලිපියක මෙන් නොව විවිධ අකුරු, වර්ණ ඡුායාරූප, නාදරටා ආදිය එක්කළ හැකිය ගතානුතික ලිපි හා ඊමේල් අතර ඇති ප‍්‍රධානම වෙනසක් වන්නේ දී ඒවායේ දී සාමාන්‍ය තැපැල් ලිපිනය වෙනුවට විශේෂ විද්‍යුත් තැපැල් ලිපිනයක් භාවිත කිරීම ය. ඊ මේල් ලිපිනයක් කොටස් තුනකින් සමන්විත ය. මුල් කොටස එය ලබන අයගේ නම ය. දෙවෙනි කොටස ඉංග‍්‍රීසි ? සලකුණ ය. තෙවැන්න ලිපිහිමියා එම ලිපිය ලබාගන්නා තෙක් එය ර`දවා තබාගන්නා පරිගණකයේ නම ය. උදාහරණයක් ලෙස ඊ මේල් ලිපිනයක් සකස්වන්නේ Person name @ domain.nm යන පිළිවෙලට ය. ඩොමේන් නාමයේ අගට. Com, met , edu  හෝ   ilk. uk, in , jp වැනි අවසානක් ඇත. 
සාමාන්‍ය ලිපියක් ලිවීමේදී මෙන් නොව විද්‍යුත් තැපෑල ස`දහා පරිගණකයක් මෙන්ම ඒ හා බැදුණු මොඩමයක් ද තිබිය යුතු ය. පරිගණකයේ ජනිත කෙරෙන සංඥා සාමාන්‍ය දුරකථන මාර්ග ඔස්සේ සම්පේ‍්‍රෂණය කළ හැකිවන ආකාරයේ සංඥා බවට පෙරලෙන්නේ මොඩමය ම`ගිනි. එහෙත් එම උපකරණ දෙක තිබූ පමණින් විද්‍යුත් තැපෑල භාවිතා කළ නොහැකිය. ඊ මේල් පනිවුඩ සකස් කිරීම ස`දහාත් පණිවුඩ කළමනාකරණය කිරීම ස`දහාත් උචිත ක‍්‍රම ලේඛයක් තිබිය යුතු ය. ඒ වගේ ම විද්‍යුත් තැපැල් ගිණුමක් තිබිය යුතු ය.

E- Mail - පණිවුඩයක් යැවීම 

ඊ මේල් පණිවුඩයක් යැවීමේ දී ෑE- Mail ලිපිනයක් තිබිය යුතුය. එය කෙසේ විය යුතු ද යන්න මුල දී සාකච්ඡුා කෙරිණි. මේ අන්තර්ජාල ලිපිනයක් Space  නොතබා ස`දහන් කළ යුතු ය. ලොකු අකුරු භාවිකා කිරීමට අවශ්‍ය නම් ඒබ ව මුලිනම ස`දහන් කර ලිපිනය ලබා ගත යුතු ය. නමෙහි කොටස් වෙන් කර දැක්වීමට අවශ්‍ය නම් එයUnder line, hay phonation හෝ Period  යොදා කළ යුතු ය. 

විද්‍යුත් ලිපියක් යැවීමේ දී අනුගමනය කරන්නා වූ සරල ක‍්‍රියා පිළිවෙල මෙසේ ය. 

1.       Outlook express ප‍්‍රවේශනය කර new mail එබිය යුතුය. එවිට New message `දහා වන කවුළුව          
        දැක්වේ. පළමුව එහි මාතෘකා තීරුවේ දැක්වෙන්නේ New message යන්න ය. එහෙත් එහි මාතෘකාව       
        නිවේශනය කර වහාම මාතෘකා තීරුවේ එම මාතෘකාව දිස්වෙයි.

2.       Outlook සැලසුම්වලට අනුව සාමාන්‍යයෙන් from ඉදිරියේ තමාගේ E-Mail පිලිනය හා නම                           ස`දහන්ව ඇත. 

3.       එහි To  ඉදිරියේ ලිපිය යවන අයගේ E-mail ලිපිනය ස`දහන් කළ යුතු ය.  

4     ඊ ළ`ගට Subject යයි ස`දහන් පේලියේ පණිවුඩය ලිවිය යුතුය.

5.       ටයිප් කර Send කළ යුතු ය. එවිට Out box  එක එක්වුණු වහාම ඊළ`ග අවස්ථාවේ send කර විට     
         පණිවුඩය අදාල නෙකා වෙත යොමු වේ. 

E-mail පණිවුඩයක් කියවීම 

express Outlook  දියත් කර Send කර විට ලැබුණු පණිවුඩය In Box ඉදං  එකේ පෙන්වයි. In Box ඉදං එකේ දැක්විය හැකි විශේෂාංග.

Priority ප‍්‍රමුඛතාවය. 

කිසියම් පණිවුඩයකට වැඩි හෝ අඩු අවධානයක් යොමුකළ යුතු ද යන්න දැන ගැනීමට මේ තීරුව බැලිය යුතු ය. කිසියම් පණිවුඩයක් දැඩි අවධානයට යොමු කළ යුතු එකක් නම් රතු පැහැති ! සලකුණු දිස්වෙයි. වැඩි අවධානය යොමු කළ යුතු නොවේ නම් නිල් පැහැති ඊ හිසක් මතු වෙයි.

Attachment ඇමුනුම්
         
පැමිණි පණිවුඩට වෙනත් ගොනුවක් අමුනා ඇත්නම් මේ තීරුවේ කඩදාසි ඇමුනුම් කටුවක සටහනක් දැක්වෙයි. 

Flag කොඩිය 

කොඩි සලකුණක් ඇත්නම් ඒ පණිවුඩය ස`දහා කිසියම් ක‍්‍රියාමාර්ගයක් ගත යුතු බව මතක් කරයි. 

From මාතෘකාව 

Received  - ලැබීම

කිසියම් පණිවුඩයක් මේල් Server ය වෙත ලැබුණ දිනය මෙහි දැක්වේ. 
පණිවුඩ කියවීම

In Box  එකේ කියවා නැති පණිවුඩ තද පැහැ අකුරින් හා අලවා ඇති ලිපි කවරයක් ආකාරයෙන් දිස් වේ. කියවා අවසන් ලිපිවල මුලින් දිස්වන්නේ විවෘත කළ ලිපි කවරයක මූර්තියකි.

පණිවුඩයක් මාකා දැමීම ස`දහා නම Select කර Delete  කළ යුතුය. එහෙත්               shoft       Delete කළ හොත් එය ට‍්‍රෑප් බ`දුන වෙත නොගොස් හාඞ් ඩිස්කයෙන් මැකී යයි. එමෙන් ම පසු අවස්ථාවක Edit         Emty Delete  Items Folder තේරීමෙන් එහි රැු`දී ඇති ගොනු ඉවත් කළ හැකි ය. 

පණිවුඩ වැළැක්වීම. 

අනවශ්‍ය පණිවුඩ පැළැක්වීම පෙරණ හෙවත් ෆිල්ටර්ස් භාවිතයෙන් සිදු කළ යුතු  ය. මෙය තාක්ෂණික වශයෙන් Massage rules යනුවෙන් හැ`දින්වේ. 

E-mail සේවය ක‍්‍රියාත්මක වන්නේ ද සාමාන්‍ය තැපැල් සේවය ක‍්‍රියාත්මක වන ආකාරයටම ය. මෙහි දී යවන E-Mail පණිවුඩ mail server එකක් හරහා යවනු ලැබේ. එය ද පරිගණකයකි පැරණි E-Mail ක‍්‍රමයට අනුව දෙන ලද E-Mail පණිවුඩයක් සමහර විට E mail Servers කිහිපයක් හරහා යමින් අදාළ ස්ථානයට ළ`ගා වේ. අදාළ ඒ ඒ වේලාවන්වල දී පමණක් පණිවුඩ එකතු කර ගන්නා මෙවැනි Severs  ඔස්සේ E-Mailයවන විට, සමහර අවස්ථාවලදී පණිවුඩය ගමන් කිරීම ස`දහා පැය ගණනක් හෝ දින ගණනක් ගත විය  හැක. එය E-Mailක‍්‍රමයේ ඇති ප‍්‍රමාදයක් නොවේ.  

E-Mailතාක්ෂණය ම`ගින් පණිවුඩ හුවමාරුවෙහි යම් යම් සිමාවන් තිබේ ප‍්‍රධාන වශයෙන්ම E-Mail තනා ඇත්තේ සාමාන්‍ය අක්ෂර නැතහොත් Text  ආකාරයෙහි පනිවුඩ හුවමාරුව ස`දහා ය. එනම්, රූප ආදිය අතුරින් කළ බහු මාධ්‍ය පණිවුඩ මෙන්ම විශේෂ ආකාරයට සකස් කළ Text  පණිවුඩ පවා E-Mail`ගින් සාමාන්‍ය අකාරයට යැවිය නොහැක. එවැනි විශේෂ වණිවුඩ අමතර පරිගණක වැඩසටහන් ආධාරයෙන් E-Mailපණිවුඩ හා අනුබද්ධ කර යැවිය හැක එසේ අනුබද්ධ කර යැවීම Attachment  එකක් ලෙස හැ`දින්වේ. Attachment එකක් සහිතව ලැබෙන E-Mailකියවා බැලීමට අදාළ විශේෂ පරිගණක වැඩසටහන් අවශ්‍ය වේ
.
E-Mail පහසුකම් ලබා ගත හැකි පරිගණක වැඩසටහන් අද බොහෝ ගණනක් දැකිය හැක. මේ අතර, EDUORA වැනි  ඉතා ජනප‍්‍රිය E-Mail වැඩසටහන් දැකිය හැකිය. මෙම වැඩ  සටහන Windows – 95 වැනි Operating systems මත ක‍්‍රියා කරන බැවින් ඉතා සිත් ඇද ගන්නා ආකාරයෙහි වූ උසබාදඅි පසුබිමක සිට E-Mailයැවීම, ලබා ගැනීම, කොපි කිරීම වැනි කටයුතු කල හැකි. සෑම E-Mailවැඩසටහනක්ම තමන් වෙත ලැබෙන E-Mailපණිවුඩ ප්සක ඉදං නැමැති පරිගණක වැඩසටහනක් මතට එකතු කර ගනු ලබයි. 

Mailing lists
E-Mail තාක්ෂණයෙහි වැදගත් පියවරක් ලෙස Mailing listsදැක්විය හැක. කිසියම් කේෂ්ත‍්‍රයක පුද්ගලයින්ගේ E-Mail ලිපිනයන් ලැයිස්තුවක් සේ පවත්වා ගැනීමේ අදහස මේ නමින් හැ`දින්වේ. මෙම ක‍්‍රමය මගින් අදාළ පුද්ගල කණ්ඩායම් අතර පණිවුඩ හුවමාරුව කාාර්යක්ෂම කර ගත හැකිව තිබේ. එනම්, ඒ ඒ පුද්ගලයාට E-Mailපණිවුඩ වෙන වෙනම යැවීම වෙනුවට, Mailing listsඑකට පණිවුඩය යැවිය හැක. මෙයට උදාහරණයක් ලෙස ශ‍්‍රී ලංකාරවේ Artificial Intelligence නැමති කේෂ්ත‍්‍රයෙහි පර්යේෂණ සිදු කරන කණ්ඩායම විසින් Airlk නැමැති Mailing lists එකක් පවත්වාගෙන යනු ලැබේ. මෙම list එක මොරටුව විශ්ව විද්‍යාලයෙහි පිහිටුවා ඇති අතර එය විවෘත විශ්ව විදයාලයය ම`ගින් පවත්වාගෙන යනු ලැබේ.

E-Mail දස පනත

නූතන කාර්යාලයීය කාර්යයන්හි දී සීමාව ඉක්මවා ලැබෙන විද්‍යුත් තැපැල් පණිවුඩ නිසා මතු වී ඇති විශාල ගැටළුවට යම් විස`දුමක් ලෙස හාවඞ් විශ්ව විද්‍යාලයේ අංශයක් වූ හාවර්ඞ් ව්‍යාපාරික පීඨය ‘‘විද්‍යුත් තැපෑල ස`දහා වන දස පනත’’ යනුවෙන් ප‍්‍රමිති පිරිවිතරක් ප‍්‍රකාශයට පත් කරන ලදී. ඒ දස පනත මෙසේ ය. 

1.       ලැබෙන පණිවුඩ ලොප්කර දමන්න.
2.       `දුම (ඇටෑච්මන්ට්ස්* වලින් නිදහස් වෙන්න. 
3.       යවන්නට පෙර දහයට ගනින්න.
4.       ස්වාභාවිකත්වයට සමාන කිසිවක්ම නැත. 
5.       කාලානුරූපනව කටයුතු කරන්න.
6.       දාමය බි`ද දමන්න.
7.       කටකතා,  ඕපා¥පා පැතිරවීම නොකරන්න. 
8.       ඔබට දැරිය හැකි දේ පමණක් යවන්න.
9.       වටිනාකම ගණනය කිරීම.
10.     අතිසාර්ථක මාධ්‍යයක් නොවේ.

මේවා E-Mail භාවිතයේ නීති රීති ලෙස දක්වා තිබේ. 

මේ අයුරින් Internet `ගින් ලබාගත හැකි සරලතම සේවයක් වන E-Mail අද ඉතා ජනප‍්‍රිය අංගයක් බවට පත්ව ඇත. මේ නිසාම සාමාන්‍ය තැපැල් සේවය බි`ද වැටී ඇත. සන්නිවේදන
කේෂ්ත‍්‍රයේ ප‍්‍රමුඛයන් වන International data Cooperation පවසන අන්දම ට  1999 වසර තුළ ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් හුවමාරු කරගත් විද්‍යුත් තැපැල් පණිවුඩ සංඛ්‍යාව දිනකට බිලියන 2.1 බැගින් විය. වසර 2002 වන විට එය දිනකට බිලියන 8 ක් දක්වා ඉහළ න`ගිනු ඇතැයි අපේක්ෂා කර ඇත. ඔවුන්ගේ ඒ නිගමනය අද සත්‍යයක් බවට පත් වී තිබේ. මෙය Internet හි ජනප‍්‍රිය අංගයක් බවට ද පත් වී තිබේ.

ආශ්‍රේය කර ගත් මූලාශ‍්‍ර 

x        නන්දසාර, එස්.ටී. සහ සේනාරත්න, පී. ඇම්, ඉන්ටර්නෙට්, 1997, ඇස්. ගොඩගේ සහ    
           සහෝදරයෝ, කොළඹ 

x        විජේරත්න, එන්.පී. ඉන්ටර්නෙට් සහ ඊ - මේල් රහස්  රැුසක්, 2002, ඩෙලමා කොම්
           ටෙක්නොලජිස්, කොටදෙනියාව 

x        කරුණාරත්න , අසෝක. එස්, හෙට ලොවට පරිගණක 1998, අසෝක එස්.
           කරුණාරත්න,

x        තිලකරත්න, හේ. මු. පරිගණක විද්‍යාව හා එහි තාක්ෂණය, 1997, එස් ගොඩගේ සහ
            සහෝදරයෝ, කොළම 10.

x          Kishore ; Naval , Internet for Doctors, 2011, Vikas pubilising  house Pvt LID.
                                                                                                
                                                                                       
                                                                                                               AR/64977

                                                                                                               
                                                                                                            




Tuesday, December 23, 2014





අන්තර්ජාලය පිටුපස ඇති විශාල තාක්‍ෂණයේ නූතන කථාබහට නිරන්තර ලක්වන වයි-ෆයි (Wi–Fi) තාක්‍ෂණය යනු ; රැහැන් රහිත හෙවත් වයර්ලස් ක‍්‍රමයට පරිගණක ජාල සම`ග හෝ අන්තර්ජාලය සම`ග සම්බන්ධවන්නට ඇති වේගවත්ම තාක්‍ෂණයයි. වයි-ෆයි (Wi–Fi) යනු        (Wireless Fidelity)
 යන සම්පූර්ණ නම කෙටිකර සකසාගත් කෙටි යෙදුමකි. මේ යෙදුමෙන් හ`දුන්වනුයේ රැහැන් රහිත ජාලයක් :(Wireless Network) හරහා තොරතුරු විසුරුවා හැරීමේ ක‍්‍රමයයි.
1991 දී වයි-ෆයි (Wi–Fi) තාක්‍ෂණය සොයාගත්තේ ඒටී ඇන්ඞ් ටී සහ එන්සී ආර් කෝපරේෂන් :AT & T, NCR Corparation) නම් ආයතන දෙක එක්වය. මෙහි පුරෝගාමියා වූ වික් . හේයස් වයි-ෆයි තාක්‍ෂණයේ පියා ලෙස සැලකේ. මොහු මෙම තාක්‍ෂණය ලොවට දායාද කලත් මේ වනවිට මේ පිළිබ`දව සම්පූර්ණ බලය තිබෙන්නේ Wi–Fi Alliance නම් ජාත්‍යයන්තර මට්ටමේ සමාගමකට ය. රැහැන් රහිත ක‍්‍රමයට වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙන්නට අද තිබෙන හො`දම තාක්‍ෂණය වයි-ෆයි ය. අනෙක් අතට දුප්පත් රටවල ලාභදායී ක‍්‍රමයකට අන්තර්ජාලය ලබා දෙන්නට මේ හො`ද මෙවලමකි. වයි-ෆයි තාක්‍ෂණය කෙතරම් ප‍්‍රයෝජනවත්ව යොදා ගත හැකිද කිවහොත් දියුණු රටවල් දැනට ගම් නගරවලට වයි-ෆයි තාක්‍ෂණයෙන් නොමිලේ ඉන්ටනෙට් ලබා දෙයි.
රැහැන් රහිත ක‍්‍රමයට හෙවත් වයර්ලස් ක‍්‍රමයට ඉන්ටනෙට් දීම ගැන මතක් කරන විටම මතක් වෙන වයි-ෆයි ගැන කතා දැන් තම තමාගේ යහපත් සෞඛ්‍යයට බලපෑම් ඇතිවෙන්නට පුළුවන් බවට පැතිරෙන ආරංචි නිසා බොහෝ දෙනෙක් ඊට බිය වූහ. වයි-ෆයි විකිරණ සෞඛ්‍යයට නරක බලපෑම් ඇති කරන්නේය යන අදහස මීට පෙර බොහෝ සෙයින් කතාබහට ලක්විය . ඒ BBC panorama නම් වැඩසටහනෙනි.
   



එම වැඩ සටහන ම`ගින් ඉදිරිපත් කලේ බි‍්‍රතාන්‍යයේ බර්කින්හැම්ෂයර් ප‍්‍රදේශයේ පාසල් ගුරුවරයෙකුගේ අත්දැකීමකි. ඔහු කියා සිටියේ තම පංතියට වයර්ලස් ඉන්ටනෙට් සම්බන්ධය ලබා දෙන්නට යොදා ගැනෙන රවුටරය ක‍්‍රියාත්මක කල විට හිසරදය හා ඔක්කාරය ඇතිවන බවයි. එම එලි කිරීම ඔස්සේ සිය ගවේෂණාත්මක ප‍්‍රවෘත්ති කලාව මෙහෙය වූ  BBC කීවේ වයි-ෆයි සම්බන්ධය ඇති ලැප්ටොප් පර්ගණකයක් අසල පැතිරෙන සංඥාවල  බලසම්බන්නකම ජංගම දුරකථන කුළුනක් ළ`ග ඇති සංඥා මෙන් තුන් ගුණයක් බවයි. මේ ප‍්‍රවෘත්තිය සම`ග මෙම තාක්‍ෂණය සෞඛ්‍යයට හො`දද නැද්ද යන්න පිළිබ`ද ඇතිවූ සංවාදය නිසාම බි‍්‍රතාන්‍යයේ ජංගම සන්නිවේදනය සම සෞඛ්‍යය පර්යේෂණ ආයතනයේ (MTHR – Mobile Telecommunications and Health Research) සභාපති මහාචාර්ය ලව්රි වැලිස් පැවසූවේ වයි-ෆයි රවුටරයක් අසල තිබෙන සංඥාවල ප‍්‍රබලතාව රජයේ සම්මත ප‍්‍රමිතියට වඩා හයසිය ගුණයකින් දුර්වල හෙයින් බිය නොවිය යුතු බවයි. අවසන් වශයෙන්  සෞඛ්‍යය ආරක්ෂක ඒජන්සිය ප‍්‍රකාශ කළේ වයි-ෆයි සංඥා ඇති තැනෙක යමෙක් අවුරුද්දක් තිස්සේ වාඩි වී සිටින විට සිරුරට ඇතුළුවන කිරණ ප‍්‍රමාණය විනාඩි විස්සක ජංගම දුරකථන සංවාදයකදී සිරුරට ඇතුළුවන කිරණ ප‍්‍රමාණය සමාන වන බවයි. කෙසේ වෙතත් මහජනතාවගේ සිතෙහි උපන් භීතිය තුරන්කරන්නට මේ වෑයම සමත්වී නොමැත.











රැහැන් රහිත ජාල හරහා තොරතුරු හුවමාරුවන්නේ සෙලියුලර් දුරකථන, රූපවාහිනි, රේඩියෝ යන්ත‍්‍ර වැනි උපකරණවල යොදාගන්නාක් මෙන් රේඩියෝ තරංගවලිනි. වයර්ලස් රවුටරයක් මෙසේ රේඩියෝ තරංග සම්පේ‍්‍රශණය ස`දහා තිබිය යුතු මුලික අංගයකි.







මෙම රවුටරයේ තිබෙන ඇන්ටනා මගින් පරිගණක දත්ත රේඩියෝ තරංග බවට හරවනු ලබයි. මේ ස`දහා පරිගණකයේ තිබිය යුතු අවශ්‍යයතාවය වන්නේ වයි-ෆයි ඇඩැප්ටරයකි. මෙය යූඑස්බී ඇඩැප්ටරයක් නැතිනම් පීසී කාඞ් එකකි. මේ අවශ්‍යයතාවයන් සම්පූර්ණ කළ පරිගණකයක් වයි-ෆයි ජාලයක් හරහා ඉන්ටනෙට් සම`ග සම්බන්ධවීමේදී මූලික වශයෙන් සිදුවන ක‍්‍රියාවලි දෙකකි. පරිගණකයේ ඇති වයර්ලස් ඇඩැප්ටරය ම`ගින් දත්ත රේඩියෝ තරංග බවට හරවා ඇන්ටනාව ම`ගින් ඒවා සම්පේ‍්‍රශනය කරයි.
රුහැන් රහිත රවුටරය එම දත්ත ලබාගෙන ඒවා පරිගණක දත්ත බවට ආපසු හරවයි. ඉනිපසු ඒවා සාමාන්‍ය රැහැන් ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධ කෙරේ. මෙසේ ඉන්ටනෙට් සම`ග රැහැන්වලින් සම්බන්ධ වූ රවුටරයක තිබෙන කාමරයක් තුල පිහිටුවිය හැක. එලිමහනක පිහිටුවීමටද හැක. කෙසේ නමුත් මේ රවුටරයෙන් තරංග සම්පේ‍්‍රශණය කරන හා ලබාගන්නා බල ප‍්‍රදේශයක් තිබේ.
        එහි ඇති වයි-ෆයි සම්බන්ධතාවය ලබාගත හැකි තැන් හොස්ට්පොට්ස්  නම් වේ. ඒ කියන්නේ ඇඩැප්පරය සහිත ලැප්ටොප් එකක් රැගෙන යන්නෙකු වයර්ලස් ඉන්ටනෙට් සම්බන්ධය ලබා ගන්නට නම් මෙවැනි වයි-ෆයි හොස්ට්පොට් එකට ඇතුලු විය යුතුය.
 






වයි-ෆයි හොස්ට්පොට් එකක් සිසාරා විසිරී පැතිරී තිබෙන රේඩියෝ තරංග ජංගම දුරකථන, වෝකිටෝකි, රූපවාහිනි යන්ත‍්‍ර යනාදිය හුවමාරු කරන රේඩියෝ තරංග වුවත් මේවායේ සංඛ්‍යාතය ඒ හැමටම වඩා ඉහලය. ඒ නිසා මේවාට වැඩි තොරතුරු ප‍්‍රමාණයක් හුවමාරු කරගන්නට පුළුවන. වයි-ෆයි ජාලයකදී දත්ත හුවමාරු කරන්නේ ලෝක මට්ටමෙන් තාක්‍ෂණික ප‍්‍රමිති සාදන ඇමරිකාවේ ඉලෙක්ටි‍්‍රකල් හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවන්ගේ ආයතනය (IEEE – Institute of Electrical and Electronics  Engineering)නියමයන්ට අනුවය. ඔවුන් සැලසූ 802.11 යන ජාල ප‍්‍රමිතිය (802.11 Networking Standard)මෙහිදී යොදා ගැනේ.

මෙයින් මුලින්ම ඉදිරිපත් වූයේ 802.11ඉ නම් ප‍්‍රමිතියයි. ගිගා හර්ට්ස් :(GHz) 2.4ක සංඛ්‍යාත පරාසයෙන් දත්ත හුවමාරු කරන මෙහිදී තප්පරයකට මෙගාබයිට් 11ක වේගයෙන් තොරතුරු හුවමාරු කරන්නට පුළුවන. 802.11ට ලෙස හ`දුන්වන ප‍්‍රමිතිය ඊට පසු ආ ප‍්‍රමිතිය අනුව ද ගිගාහර්ඩිස් 2.4 ක සංඛ්‍යාත පරාසයේම දත්ත සම්පේ‍්‍රශණය කලත් එහි වේගය වැඩිය. එය තප්පරයකට මෙගාබයිට් 54 කි.





.   වයි - ෆයි ජාලයක් වැඩ කරන හැටි
1) වයි-ෆයි හොස්ට්පොට් එකක් නිර්මාණය වන සේ ගොඩනැගිලිවල, පහන් කණුවල හා වෙනත් ස්ථානවල සවි කරයි.
2) වයි-ෆයි ජාලයකට යොමු කෙරෙන මූලික ඉනිටර්නෙට් සම්බන්ධය :Source Internet connection ඇති ඩෙස්ක්ටොප් පරිගණකය හෝ සර්වර් පරිගණකය ඇන්ටෙනාව සම`ග රැුහැන් රහිතව හෝ සහිතව සම්බන්ධ කෙරේ.
3) දැන් සමහර මොබයිල් ෆෝන්වලටත් පාම්ටොප් පරිගණකවලටත් වයි-ෆයි තාක්‍ෂණය හ`දුනාගැනිමේ මෙවලම් තිබෙන නිසා ඒවා හරහා ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ විය හැක.
4) ලැප්ටොප් පරිගණක ද වයි-ෆයි ලබා ගත හැකි උපාංග (ඇඩැප්ටර්) සම`ග එන නිසා දැන් ඒවාට ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ විය හැක.
802.11 මෙහිදීද මෙගාබයට් 54ක වේගයෙන් දත්ත හුවමාරු කළ හැකි වුවත් එහි සංඛ්‍යාත පරාසය ගිගාහර්ට්ස් 5 කි.
වයි-ෆයි තාක්‍ෂණයේ තිබෙන සුවිශේෂත්වය ද මෙතැනදී කිව හැක. එනම් වයි-ෆයි ක‍්‍රමයෙන් දත්තසම්පේ‍්‍රශණය කෙරෙන ගිගාහර්ට්ස් 2.4 සහ 5 යන රේඩියෝ තරංග සංඛ්‍යාත පරාසය ස`දහා බලපත‍්‍ර ලබාගත යුතු නොවීමයි. මේ නිසා සාමාන්‍ය ගෙදර දොරේ වයි-ෆයි රවුටරයක් පිහිටුවූවත්, ඊටත් වඩා සෙනක`ගට සේවය කරන්නට හැකි සේ නගරයක වයි-ෆයි ඇන්ටනා කුළුණක් ඉදි කලත් සංඛ්‍යාත පරාසය වෙනුවෙන් විදුලි සංදේශ ආයතනවලට බදු ගෙවිය යුතු නැත.   



වයි-ෆයි තාක්‍ෂණය යොදා ගෙන ඉන්ටනෙට් සම්බන්ධය හෝ වෙනත් ජාල සම්බන්ධතා හෝ ලබා ගන්නා විට මීට අමතර වශයෙන් තියෙන වාසි ද කිහිපයකි.
1) කේබල් යෙදීමේ අවශයතාවක් නැති නිසා ජාලය ස්ථාපිත කිරිම පහසුය.
2) බොහොමයක් ලැප්ටොප් සම`ග වයි-ෆයි ඇඩැප්ටර් සවි කොට තිබීම නිසා ඉන්ටනෙට් සම්බන්ධය ලබා ගැනීමට යන මූලික වියදමද අඩුය.
3) වයි-ෆයි ජාලයක් ස්ථාපිත කොට පවත්වා ගෙන යාම අනෙක් සන්නිවේදන ජාලයන්ට වඩා ලාභදායකය.
4) මේ වාසිදායක තත්ත්වයන් සහිතව වූවත් වයි-ෆයි තාක්‍ෂණය යොදා ගැනීමේ යම් යම් සීමාවන්ද තිබේ.
5) මේ ස`දහා යෙදවිය යුතු ශක්තිය ඉහල නිසා ලැප්ටොප් වල බැටරි කාලය අඩුවීම හා එහි රස්නය ඉහල යාම සි`දුවේ.
6) වයි-ෆයි ජාලයක් බලපවත්වන්නේ සීමිත දුරකටය. ගෘහස්ත වයි-ෆයි රවුටරයක් නිසා උපදින හොට්ස්පොට් එකක් අඩි 150ක පමණ ප‍්‍රදේශයක් පුරා බලපවත්වයි. එසේම කුළුණු ආශ‍්‍රයෙන් පිහිටුවන හොට්ස්පොට් එකක් වූවත් බල පවත්වන්නේ අඩි 300ක පමණ දුරකටය.
7) වයි-ෆයි ජාලයක රහස්‍ය බව අඩුය. කුමන වයි-ෆයි ජාලයක් නොමිලේ ඇති කාටත් පහසුවෙන් සම්බන්ධවිය හැකි සංඛ්‍යාත පරාසයකින් සම්පේ‍්‍රශණ කටයුතු කරන නිසා යම් ජාලයකට පිටස්තර අයෙකු ඇතුළුවී තොරතුරු සොයා බැලීම පහසුය.
මේ තත්ත්වයන් යටතේ වුවත් වයි-ෆයි තාක්‍ෂණය හො`ද අතට දියුණු කරන්නට නොයෙක් උපාය ලෝකයා විසින් සොයමින් සිටී. නගර වැසියන් අතර නොමිලේ වයර්ලස් ඉන්ටනෙට් සම්බන්ධය දීම එවැන්නකි. මෙහිදී මුළු නගරයම ආවරණය වන සේ රවුටර් පද්ධතියත් පිහිටුවයි. සාමාන්‍යයෙන් තිබෙන රවුටරයකට යාබදව ඇති තවත් රවුටරයක් හ`දුනාගැනීමට බැරි වූවත් නාගරික වයි-ෆයි ජාලයකදී එහි ඇති හැම රවුටරයක්ම යාබදව ඇති රවුටර් දෙකක්වත් හ`දුනාගන්නට පුළුවන්කම තිබේ.
එසේම ඒ හරහා මුළු නගරයේම ඇති රවුටර් සියල්ල එකිනෙක සම`ග සම්බන්ධ කෙරේ. මෙසේ තැනූ වයි-ෆයි ජාලයකින් :(Mesh Network) වැසී ගත් නයරයක  ඕනෑම තැනකට යන්නෙකුට කිසි කරදරයක් නැතිව සිය ලැප්ටොප් එකෙන් ඉන්ටනෙට් සම`ග සම්බන්ධ විය හැකිය.


ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා, පෙන්සිල්වේනියා, ෆ්ලෝරිඩා, ටෙක්සාස්, නිව් යොක් යන ප‍්‍රදේශවල මෙවැනි වයි-ෆයි ජාල (Municipal Wi – Fi Network) පිහිටුවා තිබේ. ඉන් ෆ්ලොඩාවේ සෙන්ට් ක්ලවුඞ්හි මහජනයාට වයි-ෆයි ඉන්ටනෙට් ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේය. මෙසේ වයි-ෆයි ජාලයකින් වැසී ගිය නගරයක ධාවනය වන මෝටර් රථ එක්නෙකට හදුනාගැනීමට හැකි සේ වයි-ෆයි තාක්‍ෂණය යොදා ගැනීමේ වැඩසටහනක් දැන් යුරෝපයේ ක‍්‍රියාත්මකය. යුරෝපීයන් කාර් ටු කාර් European Car - 2 – Car) ලෙස නම් කොට තිබෙන මේ වැඩසටහනට දායකත්වය දෙන්නේ යුරෝපයේ ප‍්‍රධාන මෝටර් නිෂ්පාදන සමාගම් හා විශ්ව විද්‍යාල කීපයකි.මෙහිදී කරන්නේ වාහනවල වයි-ෆයි පද්ධති පිහිුවා ඒවා අතර සම්බන්ධය ඇති කිරීමටය. එවිට නොපෙනෙන වංගුවකදී වූවත් එක් මෝටර් රථයකට අනෙක හදුනාගන්නට හැකිය.
වයි-ෆයි තාක්‍ෂණයෙන් ජනයා හදුනාගැනීමේ ක‍්‍රමයක් ෆින්ලන්තයේ ඉකාහෝ  සමාගම හදුන්වා දී තිබේ. මෙය වයි-ෆයි ජාලයකින් හදුනාගත හැකි රේඩියෝ ටැග් එකකි. මෙම ටැග්වලට (Battery Powered RFID Tags) ගැලපෙන වැඩසටහනක් දුවන ලැප්ටොප් එකකින් හෝ ටැබ්ලට් පීසී එකකින් ඒවා හදුනා ගන්නට හැක. දියුණු රටවල තිබෙන පරිගණක පද්ධති යොදා ගන්නා රෝහල්වල හෙදියන්ට, මේවා පැලැදී රෝගීන් දැන් සිටින්නේ කොතනකදැයි දැන ගැනීම මෙම`ගින් පහසුය. මේ විදිහට දියුණු රටවල් බොහොමයක පාසල් හා විශ්ව විද්‍යාල වයි-ෆයි ජාලවලින් පෙහොසත්ය. එවැනි තැනක සිසුන් සිටින්නේ කුමන තැන්වල, කුමන ලෙසකින් ද කියා හදිසියකදී මෙම`ගින් දැන ගත හැක.











කාර් - ටූ සන්නිවේදන ක‍්‍රමය
වාහනවල වේගය, ගමන් කරන දිශාව යනාදිය දැන ගැනීමට වාහනයේ වයි-ෆයි පද්ධතියක් පිහිටුවිය හැක. දැන් මේ වාහනය ඉදිරියේ ඇති තැනක වදින්නට යන්නේනම් ඊට කලින් බාධකය හදුනාගෙන එලාම් හඩවා ඒ බව රියදුරාට දන්වයි. වාහන දෙකක් මූහුණට මුහුණලා පැමිණීමට පෙර වයි-ෆයි පද්ධති එකිනෙකට මුණගැසී ඉදිරියෙන් වාහනයක් එන බව දන්වයි.
මෙලෙස විශාල ප‍්‍රදේශයක පැතිරී ඇති නිසා වයි-ෆයි තාක්‍ෂණය අති විශාල මෙහෙයක් නූතන සමාජයට ඉටු කරනු ලබයි.




AR/64899/2009/2010.
ඒ : ඇම් : තුෂාරා ස්වර්ණ කුමාරි.
සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.